සත්ව නිදහස සහ මාක්ස්ගේ දර්ශනය

අප දැනගත යුතු එක් දෙයක් නම්, වෙළදපළ බලවේගයන් විසින් නිර්මාණය කර ඇති සංවර්ධනය නමැති සාධකය හේතුවෙන් සමාජීය වශයෙන් ගොඩනැගුණු දුක් වේදනාවන් හි මාර්ගයේ තවදුරටත් කටයුතු කරනවාද යන්න තීරණය කර ගත යුතු තීරණාත්මක වේදිකාවකට අප පැමිණ තිබේ. මෙම දුක් වේදනාවන් අප පෘථිවි වාසී අනෙකුත් ජීවයන් සමගද බෙදාහදා ගන්නා අතර එය තුළ අප ඉතා ආත්මාර්ථකාමී ක්‍රියාදාමයක නිරතව සිටියි. අප අපගේ ජෛවගෝලයේ අනෙකුත් ජීවින් හට ලබාදෙන්නා වූ ප්‍රධානම ලක්ෂණය වන්නේ ව්‍යසනකාරී ශරීරයකි. ධනවාදී සංවර්ධනීය සිහිනයන් තුළින් එම ශරීරයන්ට පෙන්වා දෙනු ලබන්නේ දිනෙන් දින ක්ෂය වී යන ජීවන සාධකයන් තුළින් ඉතා අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යායුතු ජීවන සටනක.

මාක්ස්ට අනුව ජීවන ක්‍රියාකාරීත්වය ගුණාංගීකරණය වූ විශේෂයකි. ජීවිතයේ ක්‍රියාකාරීත්වය අපගේ කැමැත්තට යටත් කරගනිමින්, අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීම සදහා පමණක් නොව මානව ශ්‍රමිකත්වය සදහා යෙදවීමද අප මෙහිදී විශේෂයක් ලෙස සලකයි. නමුත් මෙයට වෙනස්ව අනෙකුත් ජීවීන් අනිවාර්යය වශයෙන් තම ජීවන ක්‍රියාකාරීත්වය සමග බැදී පවතින බව එය ස්වකීයව වෙන් නොවන බවක් මෙන්ම එය එහි ජීවන ක්‍රියාකාරීත්වය ලෙස සමස්ත මානව ප්‍රජාව විශ්වාස කරයි. මානවයා සතු නිශ්චිත හැකියාවන් අපගේ තෝරාගැනීමට සහ පාලනය කිරීමට ඇති හැකියාවට අභ්‍යන්තරිකව සම්බන්ධ වේ. මෙය සංවේදී ආකල්පයන් තේරුම් ගැනීමට පමණක් නොව බුද්ධිමය සහ සමාජමය ව්‍යාපෘතීන් සදහා ද බලපානු ලැබේ. මාක්ස් පවසන පරිදි මානවයන් සහ අනෙකුත් ජීවීන් සළකා බැලූ විට ඔවුන්ගේ ශ්‍රමය යෙදවීම් සහ ශ්‍රමය යෙදවීමේ භාවිතාවයන් එකිනෙකට වෙනස් වේ.

මාක්ස් පෙන්වා දෙන පරිදි මෙම මානවයාගේ පරිකල්පනීය ශ්‍රමික ක්‍රියාවලිය සහ අනෙකුත් ජීවීන්ගේ සංවේදීමය, ප්‍රතිචාරාත්මක හැසිරීම මානව ආරම්භයේ සිට නොබිදී පවතියි. නමුත් ජීවීන් පිළිබදව සිදුකරනු ලැබූ මෑතකාලීන පර්යේෂණ මගීන් පෙන්වා දෙන්නේ වෙනත් ජීවී විශේෂ වල ඔවුන්ටම ආවේණික වූ සවිඥාණිකත්වයන්, ස්වයං දැනුවත් භාවයන්,  භාෂාවන්, කාලය සහ අවකාශය පිළිබද සංකල්පයන් සහ මෙවලම් භාවිතයන් ඇති බවයි. මාක්ස් විසින් ඉදිරිපත් කරනු ලබන පරාරෝපණය යන සංකල්පය මගින් ධනේෂ්වර ආහාර නිශ්පාදනයේ දී ජීවීන්ගේ භාවිතාව පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කරයි.

ජීවී මට්ටම් වල ඇති ශ්‍රම ස්වරූපයන් පිළිබදව අප සැළකිල්ලක්, ගනුදෙනුවක් නොකරන බව මාක්ස් විසින් පෙන්වා දෙයි. මකුළුවන් තම දැල විවීම සදහා මෙහෙයුම් ක්‍රියාවට නංවයි. එමෙන්ම එම දැලෙන් තම පරිභෝජන අවශ්‍යතා සපයා ගනියි. මී මැස්සන් ද මානව ගෘහ නිර්මාණ ශිල්පීන් මෙන් අවශ්‍යතාවයන්ට අනුකූලව තම ගෘහය නිර්මාණය කරගනියි. නමුත් වෙනස වන්නේ දක්ෂ මී මැස්සෙකු මෙන් නොව මානව ගෘහනිර්මාණ ශිල්පියෙකු විසින් ඉදිකිරීමක් භෞතිකව නිර්මාණය කිරීමට පෙර එය මනසින් සංකල්පමය නිපැයුමක් ලෙස අදහසක් නිර්මාණය කර ගැනීමයි. මානව වර්ගයා ස්වාභාවික ස්වාභාවයකින් යුතුව, අනෙක් මිනිසුන්ට හෝ ඔහුගේම අද්භූතභාවයට වහල් වී සිටින බව පෙනේ. බුද්ධිමය ජීවිතය සමග ද්‍රව්‍යමය බලවේග හැසිරීම හා මානව ද්‍රව්‍ය බලහත්කාරය බවට පත්කිරීම තුලින් අපගේ සියලු සොයාගැනීම් හා ප්‍රගතියන් තීරණය වී තිබේ.

අප මානවයා සහ මානවයන් නොවන අනෙකුත් ස්වාභාවධර්මය අතර හුවමාරු කළමණාකරණයක් පිළිබදව සංවේදී සහ වගකීම සහිත පාලනයක් නිර්මාණය නොකර අප ස්වාභාවධර්මය පරිහරණය කරන තෙක් ස්වාභාවධර්මයට ස්වාධීන භවයක් අප තුළින් නිර්මාණය වන්නේ නොමැති බව මාක්ස්ගේ අදහසයි. මානවයා යනු ස්වාභාවධර්මයේ කොටසක් ලෙස මාක්ස් සෑමවිටම අදහස් කරයි. ප්‍රාග්ධනයේ 3 වන වෙළුමේදී ඔහු ස්වාභාවික ආවශ්‍යතාවයන් තුළ ස්වාධීනත්වය අත්පත් කරගැනීම පිළිබදව සදහන් කරයි. ඒ අනුව සම්බන්ධක නිශ්පාදකයන් ස්වභාව ධර්මය සමග අන්තර් හුවමාරුව පාලනය කරනු ලබන්නේ ස්වකීය මානව වර්ගයා සඳහා වඩාත් සුදුසු තත්වයන් යටතේ ය.

සමාජයේ නිර්මාණශීලීත්වය සඳහා ඇති අපේ හැකියාවන් නිවැරදිව අවබෝධ කරගත් විට අප ස්වාභාවධර්මයේ අන්තර්ගතික භාවය සම්පූර්ණ කරනු ඇත. ජීවිතයක් තිරසාර ලෙස තිරසාරව පවත්වා ගෙන යන ලොවක් නිර්මාණය කළ විට අපට එම සුදුසුකම සපුරාලිය හැකි වනු ඇත. අපට ස්වභාව ධර්මය සමග අපගේ අන්තර් හුවමාරුව දයානුකම්පාවෙන් පරිපූර්ණ වූ සත්‍ය සංහිඳියාවක් තුළින් කළ නොහැකි බව සිතාගත නොහැකි ය. අපගේ දූරදර්ශී බව තුළින් අනුකම්පාව නොදැනීමෙන් ස්වභාව ධර්මය සමග අපගේ අන්තර් හුවමාරුව කළමනාකරණය කළ නොහැකි බව සිතාගත හැකිය. වෙනත් විශේෂවල දුක් වේදනාවල් අප අනුමාන කරන අතරම එය අප තුළම පවතින සුවිශේෂී බව විදහා දක්වයි. එම සුවිශේෂීභාවය වර්තමානය තුළ ධනාත්මකව කළමණාකරණය කරගැනීම තුළින් ස්වාභාවධර්මයේ අනෙකුත් ජීවීන් මානව පරිභෝජනවාදයේ වින්දිතයන් වීම ශේෂ වනු ඇත.

දුලංජය මහගමගේ

The Think Tank

Create your own website, free on WordPress.com.Create your own website.
Start free